දේශගුණ විපර්යාස අපි කාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා – රනිල් කියයි

දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට සහ කලාපයේ සියලුම රටවලට විශාල ප්‍රශ්නයක් එල්ල කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕමානයේ ඉන්දියන් සාගර සමුළුව අමතමින් පැවසීය.

එක්සත් ජනපදය පැරිස් දේශගුණික විපර්යාස ගිවිසුමෙන් ඉවත් වූ නමුත්  ඉන්දියන් සාගරයේ සිටින ලංකාව ඇතුළු රටවලටත් ඇන්ටාක්ටිකාව දක්වාම දේශගුණික විපර්යාසවල වගකීම බාර ගත යුතු වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඕමානයේ මස්කට් නුවර මෙම ඉන්දියා සාගර සමුළුව පැවැත්වුණු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“ඕමානය සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ශිෂ්ටාචාරයේ කොටසක් වනවා.  ඕමාන නාවික හමුදාව පෘතුගීසි නාවික හමුදාව පරාජය කළා.ඇත්තෙන්ම ලංකාවට එදා නාවික හමුදාවක් තිබුණේ නැහැ. අප ඔවුන් ගොඩබිමේදී පරාජය කළා.අපට සන්නද්ධ බලකායක් තිබුණා.  සම් සන්නාහ පැළඳ සිටින ඇතුන්, තුවක්කු කරුවන් සහ කාලතුවක්කු ඉන්දියාවෙන් පැමිණි අතර රාජ්පුත් රණශූරයන් ද සිටියා. ඔවුන් වෙනුවෙන් කෝවිලක් ද හැදුවා.ඒ බැරැන්ඩි කෝවිලයි.පැරණි ඉන්දියන් සාගර ශිෂ්ටාචාරය ක්‍රියාත්මක වූයේ එලෙසයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *