ලංකාවේ සියළුම භාණ්ඩවලට වැට් බද්ද – ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත

සියලුම භාණ්ඩ වැට් බද්දට යටත් කෙරෙනු  ඇතැයි තමාට දැනගන්නට ඇති බව   අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද පැවසීය.

වැට් තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය. මෙතෙක් වැට් නැති  භාණ්ඩවලටත් වැට් වැටෙනවා. ඉරිදා මේ ගැන විවාදය තියෙනවා. එතනදි මේ ගැන සැක හැර දැනගන්න පුළුවන්. මට දැනගන්න තියෙන විදිහට නම් වැට් බද්ද සියලුම භාණ්ඩවලට අය කෙරෙනවා. ඒ අය කියන විදියට. නමුත්  අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ සඳහා ඒ බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *