ජනතාවට එදා වේල කන්නවත් සල්ලි නෑ – නිදහස් දිනයේ රජයේ සියළු ආයතනවල විදුලි අලෝකකරණය කරන්නැයි දැනුම් දෙයි

76 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර ඇත.

පෙබරවාරි (03), (04) වනදා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලියෙන් අලංකරණය කරන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු අයුරින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බන්ධයෙන් තමන් යටතේ ඇති සියලු ආයතන දැනුවත් කරන ලෙසද රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛය මගින් දැනුම්දී ඇත.

නිදහස් දින සමරු උළෙල පෙබරවාරි (01) සිට (07) වනදා දක්වා පුරා සතියක් සියලුම රජයේ ආයතන ගොඩනැගිලි වල ජාතික කොඩිය ඔසවන ලෙසද එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *