ලෝක ප්‍රසිද්ධ ගායක ඇලෝයි බ්ලැක් දැවැන්ත ආයෝජනයක් සදහා ලංකාවට එයි

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ”ග්‍රැමී” සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටිනා පුද්ගලයෙක්.

ජනාධිපති, විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරිමට මෙලෙස ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් පිළිගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *