ආනන්ද සාගර හිමි ඇතුළු පිරිසකට ගම්මු වටවී පහර දෙයි

රාජාංගනය යාය දහ අට ප්‍රදේශයේදී පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිසක් සහ ගම්වාසීන් පිරිසක් අතර අද දිනයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබිණ.

ඒ එම ප්‍රදේශයේ කෝමාරිකාව වගාවක් සිදුකරන මුවාවෙන් විල්පත්තු රක්ෂිතය අනවසරෙන් හෙළි පෙහෙළි කරන්නේදැයි විමසා බැලීමට එහි ගිය අවස්ථාවේදීය.

එහිදී ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසට වගා භූමියට පිවිසෙන මාර්ගය වසා දමමින් ගම්වාසීන් දැඩි විරෝධය පළ කර අතර එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.

ගම්වාසීන් විසින් එම පිරිසට පහර දීමක් සිදුකර ඇති අතර මෝටර් රථයකටද හානි සිදුවී තිබේ.

රාජාංගනය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *