පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහ­නම් කරයි – 79ක් පොලිසියෙන් ඉවත් කරයි

විවිධ විනය විරෝධි ක්‍රියා­වන් හේතු­වෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිල­ධා­රින් 604 දෙන­කුගේ වැඩ තහ­නම් කර 79 දෙනකු සේව­යෙන් පහ කිරී­මට පිය­වර ගෙන ඇතැයි මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.

එමෙන්ම පොලිස් නිල­ධා­රින්ගේ දූෂණ හා අක්‍ර­මි­කතා පිළි­බඳ මහ­ජ­න­තා­වට පැමි­ණිලි කිරී­මට 118, 197 වැනි දුර­ක­තන අංක මෙන්ම වෙබ් අඩවි සහ විශේෂ විම­ර්ශන ඒකක 11ක් ද ස්ථාපිත කර ඇති බව ද අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පැවැ­සීය.

අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුනිල් රත්න­සිරි මහතා මතු­ක­රන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලබා දෙමිනි.

පොලිස් නිල­ධා­රින්ගේ විනය පව­ත්වා­ගෙන යාම සහ දූෂණ මර්ද­නය වෙනු­වෙන් ක්‍රියා­මාර්ග රැසක් ගෙන ඇති අතර පොලිස් නිල­ධා­රින්ගේ දුෂණ අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට හා මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙත සෘජුව දැනුම් දීමේ හැකි­යාව ද ඇති බව අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පැවැ­සීය.

එමෙන්ම දැනට දිව­යින පුරා පොලිස් ස්ථාන 608ක් ක්‍රියා­ත්මක වන අතර, මුළු පොලිස් නිල­ධා­රින් සංඛ්‍යාව 79,782ක් බව ද අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය. සාමාන්‍ය සේවයේ නිල­ධා­රින් 71,424ක්, විශේෂ කාර්ය බල­කායේ (STF) නිල­ධා­රින් 7, 256ක් සහ සහා­යක සේවයේ නිල­ධා­රින් මීට ඇතු­ළත් බව ද පිළි­තුරු ලබා දෙමින් අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

නව බඳවා ගැනීම් සහ පුර­ප්පාඩු පිර­වීම පොලිස් සේවයේ පව­තින පුර­ප්පාඩු පිර­වීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක වන අතර, මේ වන විට නිල­ධා­රින් 17, 000ක් පමණ බඳවා ගැනී­මට කට­යුතු කර­මින් පව­තින බව ද හෙතෙම අනා­ව­ර­ණය කළේය. මේ යටතේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් 325ක් සහ කොස්තා­ප­ල්ව­රුන් 6,530ක් ඇතුළු පිරි­සක් බඳවා ගැනී­මට නිය­මි­තය. මීට අම­ත­රව, පිරිස් බලය ශක්ති­මත් කිරීම සඳහා සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් 10,000ක් පොලිස් සේව­යට අනු­යුක්ත කිරී­මට තීර­ණය කර ඇති අතර, ඔවුන්ට නවා­තැන් සහ ආහාර දීමනා ලෙස රුපි­යල් 25, 200ක අම­තර දීම­නා­වක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය හිමිව ඇත.

අප­රාධ මර්දන මෙහෙ­යුම් සහ පසු­ගිය කාල­සී­මාව තුළ සිදු­කළ මෙහෙ­යුම් මගින් අප­රාධ රැස­කට සම්බන්ධ සැක­ක­රු­වන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ද අමා­ත්‍ය­ව­රයා අනා­ව­ර­ණය කළේය. ඒ අනුව වෙඩි තැබී­ම්ව­ලට සම්බන්ධ වෙඩි­ක්ක­රු­වන් 22ක්, පැදි­ක­රු­වන් 14ක් සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 57ක් ඇතුළු සැක­ක­රු­වන් 315 දෙනකු 2024 වසරේ දී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එමෙන්ම 2025 වසරේ දී සැක­ක­රු­වන් 408 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ද අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

නිල­ධාරී සුබ­සා­ධ­නය සහ නේවා­සික පහ­සු­කම් ස්ථාන­මාරු ලබන නිල­ධා­රින් මුහුණ දෙන නේවා­සික ගැටලු විස­ඳීම සඳහා රුපි­යල් මිලි­යන 4,100ක විය­ද­මින් නිවාස 352කින් සම­න්විත නිවාස සංකී­ර්ණ­යක් නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් මිල දී ගැනී­මට කට­යුතු කර ඇති බව ද අමා­ත්‍ය­ව­රයා පැවසූ අතර පොලිස් බැරැ­ක්ක­වල පහ­සු­කම් වැඩි කිරී­මට ද පිය­වර ගෙන ඇති බව ද අනා­ව­ර­ණය කළේය.

පොලිස් සේවය සඳහා 9175 ක් බඳවා ගැනීම සඳහා මේ වන­විට කට­යුතු කර­මින් සිටි­නවා. සම්මුඛ පරි­ක්ෂණ යම් ප්‍රමා­ණ­යක් අව­සන් කර තිබෙ­නවා. 2024-01-01 සිට අත්අ­ඩං­ගු­වට ගැනීම් වෙඩි­තැ­බීම් වෙනු­වෙන් වෙඩි­ක්ක­රු­වන් 22ක්, පැදි­ක­රු­වන් 14ක් තියුණු ආයු­ධ­ව­ලින් පහ­ර­දීම් සහ වෙනත් හේතු මත 50 ක්ද, සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 57ක් ඇතුළු සැක­ක­රු­වන් 315 දෙනකු එක් අදි­ය­රක දී අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. ඒ වගේම 2025-01-01 සිට 2025-05-31 දක්වා සැක­ක­රු­වන් 34ක් අරන් තිබෙ­නවා. වෙඩි­ක්ක­රු­වන් 34ක්, පැදි­ක­රු­වන් 30, තියුණු ආයු­ධ­ව­ලින් පහ­ර­දීම් 30ක් ආධාර අනු­බල ලබා­දීම් 174ක්, මත්ද්‍රව්‍ය ජාවා­රම් 80ක්, ගිනි­අවි ළඟ තබා­ගැ­නීම් 83ක් ආදි වශ­යෙන් 408ක් අරන් තිබෙ­නවා.

පොලිස් නිල­ධා­රින් අක්‍ර­මි­ක­තා­ව­ලට පෙළ­ඹීම සම්බ­න්ධ­යෙන් සොයා බල­නවා. ඒ වගේම එවැනි පිරි­ස්ව­ලට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කර­නවා. අක්‍ර­මි­කතා වැළැ­ක්වීම වෙනු­වෙන් නිල­ධා­රින්ගේ වැටුප් වැඩි­කි­රීම, දක්ෂ ලෙස විම­ර්ශ­න­වල නිරත වන අයට ත්‍යාග ලබා­දීම, පොලි­ස්පති අර­මු­ද­ලින් මූල්‍ය ප්‍රදා­න­යන් සිදු කිරීම, දූෂණ අක්‍ර­මි­ක­තා­වල නිර­ත­වීමේ ආදි­නව ගැන දැනු­වත් කිරීම ආදි­යත් සිදු කර­නවා. අක්‍ර­මි­ක­තා­ව­ලට පෙළ­ඹෙන නිල­ධා­රින් සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් කිරී­මට පිය­ව­ර­යන් අරන් තිබෙ­නවා. ඍජුව පැමි­ණිලි ඉදි­රි­පත් කිරීම මෙන්ම දුර­ක­තන මඟින් දැනු­ම්දීමේ හැකි­යාව, පොලි­ස්ප­ති­ව­ර­යාට සෘජුව පැමි­ණිලි ලබා­දිය හැකි වාතා­ව­ර­ණය ඇති කිරීම ආදි­යත් සිදු­කර තිබෙ­නවා යැයිද හෙතෙම වැඩි­දු­ර­ටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *