කෙහෙළියලා ව්‍යාජ ඉමියුනිග්ලෝබියුලීන් හදන්න ලේ බැංකුවේ රුධිරයත් කූට ව්‍යාපාරිකයාට විකුණයි

ඉමියුනිග්ලෝබියුලීන් වංචාවටම අදාල තවත් ම්ලේච්ඡ ක්‍රියාවක් පිළිබදව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඊට අනුව, මෙකී ව්‍යාජ ඉමියුනිග්ලෝබියුලීන් එන්නත නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය රුධිර ප්ලාස්මා, අදාල සමාගමට ලබා දී ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් ලේ බැංකුවයි.

එය මුදලට සිද්ධ වී ඇති ගනුදෙනුවකි.

කෙහෙළිය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ නිර්දේශය මත ලේ බැංකුවේ අධ්‍යක්ෂකවරයා විසින් මෙසේ රුධිර ප්ලාස්මා අලෙවි කිරීම සිදු කර තිබේ.

මෙය ඖෂධ නියාමන අධිකාරී පනත බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව පැවසේ.

ලේ බැංකුවේ ඇත්තේ ජනතාව නොමිලයේ පරිත්‍යාග කරන ලද රුධිරයයි. එම රුධිරය ජනතාවගේ පූර්ව අනුදැනුමකින් තොරව අලෙවි කිරීමට කටයුතු කර තිබෙන ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *