සජිත් එන්නේ නැත්තම් ආර්ථික කමිටු විවාදයටත් එනවා – අනුර අවසන් නිවේදනය දැනුම් දෙයි

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මහතා ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.

එම නිසා මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීම බව පැවසූ ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ  හෝ ඊට පෙරඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා  විවාදයට සූදානම් යැයි  පැවසීය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *