හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව වත්මන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කරමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ වැනි ලෝක මට්ටමේ දාර්ශනිකයෙකුට සහ මෙරට ආර්ථිකය ගොඩනැගූ නායකයෙකුට අත තැබූ මොහොතේ සිට අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයේ අවසානය ආරම්භ වී ඇති බවයි.