ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන සමය තුළ සිදුවන රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ පිරිමැසුම්දායක පිළිවෙත අගය කරමින් රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා අදහස් දක්වා තිබේ.
එහිදී ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා “කුණු ලෝභයෙකු” ලෙස කටයුතු කරන බවත්, එවැනි ලෝභකමක් රටේ නාස්තිය අවම කිරීමට අත්‍යවශ්‍ය බවත්ය. අතීතයේ සිටි පාලකයින් මහජන මුදල් අතිවිශාල ලෙස නාස්ති කළද, වත්මන් පාලනය යටතේ රටේ මුදල් ඉතිරි වෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.
“අපේ ගෙදර තාත්තා කුණු ලෝභයෙක් වුණාම ගෙයි ඉඩමත් ඉතුරුයි, සේප්පුවේ සල්ලිත් ඉතුරුයි. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලෝභකම නිසා අද රටේ සල්ලි ගොඩක් ඉතුරු වෙලා තියෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.