ඉන්දියාවේදී අනුර ගුජරාට් මහ ඇමති සමග නිල සාකච්ඡා අරඹයි

ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (07) ගුජරාට් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ දී ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් මහතා හමු විය.

එහි දී ප්‍රාන්තය තුළ දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය සඳහා අනුගමනය කර ඇති උපායමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබේ.

අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය බල්වාන්සිං රාජ්පුට් මහතා හමු වී ගුජරාට් ආදර්ශය සැලැස්ම පිළිබඳ සාකච්චා කර ඇති අතර, අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශය හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණයට ද එක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *