රට විනාශ මුඛයට ගෙන යන විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව තීරණාත්මක තීන්දුවක් ගැනීමට තමාත්, ආණ්ඩුවත් කටයුතු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (30) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ, මෙතෙක් කල් මෙන් මෙම ව්‍යසනයට යන්න දී අනෙකුත් වැඩ කිරීම වෙනුවට, එයත් සමඟ ‘හැප්පෙන’ තීන්දුව ආණ්ඩුව ගෙන ඇති බවයි.
“අපට මෙතැනදි මාවත් දෙකක් තිබෙනවා. එකක් මේ තාක් කල් කළා වගේ, මේ ව්‍යසනයට යන්න දීලා අනෙකුත් වැඩ කරන එක. අනෙක මේකත් එක්ක හැප්පෙන එක. අපි දෙවැන්න වෙනුවෙන් නිශ්චිතව වැඩ කරනවා.“