අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

නමුත් මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගෙවුණු වසර සහ පසුගිය නත්තල් දිනයේදී රටවලට රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති ජනාධිපති සමාවට නුසුදුසු සිරකරුවන් විසි හය දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදි පෙනී ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරමින් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *