අනුරාධපුරයේ සිරකරුට සමාව දුන්නේ මහාධිකරණයට ඉදිරිපත් කරලා – බන්ධනාගාර කොමසාරිස් කියයි

අනුරාධපුර මහාධිකරණයේ නියෝගයෙන් සිරගත කර සිටියදී පොදුසමාව ලැබූ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න හෙවත් ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න යන සිරකරු ලැබූ සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්‍රකරගෙන සිදුවූවත් නොවන බවත් එය පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූ සමාවක් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය වෙනුවෙන් මැයි මස 5 වැනිදා වන විට බන්ධනාගාරගතව සිටි රැදවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීමේ කොන්දේසිවලට යටත්ව ක්‍රියාත්මක කළ බවත් එම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් සිටි අතර මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට නියෝගය අනූව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදාහැරි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අනුරාධපුර මහාධිකරණය විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් බවත් ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම්  මාස 6 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *