ඇපල් ෆෝන් සදහා පැය 100 ක බැටරියක් අත්හදා බලයි

ජපන් සමාගමක් වන TDK සමාගම කියලා තියෙන විදිහට solid-state technology එක පාවිච්චි කරා iPhone වලට හදන battery, එක පාරක් charge කරාම පැය 100 කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව phone එක පාවිච්චි කරන්න පුලුවන්. මේක iPhone වලට කියල කිව්වට wireless headphones, smartwatches වලටත් මේ විදිහට වෙනස් වෙලාවල් ප්‍රමාණයන්ගෙන් අත්විඳින්න පුලුව​න්.

මේ බැටරි වල cost එක අඩුයි වගේම ප්‍රමාණයෙන්ද ගොඩක් පොඩියි. ඒ වගේම බරෙනුත් අඩුයි. පොඩි ප්‍රමාණයේ battery එකකින් ලොකු බලයක් ගබඩා කරලා තියලා පාවිච්චි කරන්නත් පුලුවන්.

මේ විදිහට තාක්ෂණය දියුණු වෙන එක නම් නියම දෙයක්. තව ඉස්සරහට යනකොට එක පාරක් charge කරාම මාසයක් විතර charge නොකර පාවිච්චි කර​ලා තියාගන්න පුළුවන් ගාණට ලෝක​යේ ​තාක්ෂණය දියුණු වෙයි.

Source – Android Wedakarayo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *