නිත්‍යානූකූල නොවන වත්කම් පවරාගන්න පනත අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ අතර ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් ඕනෑම යෝජනාවක් ලබාදීම සඳහා මෙම වසරේ ජූනි මාසයේ සිට ජනතාවට අවස්ථාව ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජය නියතයි ගම අපිටයි ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මාතර වැලිපිටිය ප්‍රදේශයේ දී පැවැත්වුණා.

එම ජන රැළියට ද අති විශාල පිරිසක් සහභාගි වී සිටියා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *