අප්‍රේල් 21 ට පෙර හාවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි – ගම්මන්පිල කියයි

අප්‍රේල් 21 වන දාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන චූදිතයෙක- හෙළි දරව් කිරීමට හැකි වනු ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා හෙළි කර සිටියේ ය. 

නිශ්චිත දිනයක් සදහන් කරමින් ජනාධිපතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල දැඩිව හෙලා දුටුවේ ය. 

ඔහු චෝදනා කළේ, අප්‍රේල් විසි එක් වන දාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරු හෙළි දරව් කරන ලෙස කතෝලික පල්ලියෙන් එල්ල වී තිබෙන පීඩනය හමුවේ, ප්‍රහාරයට සැබැවින්ම සම්බන්ධයක් නැති “අහිංසකයෙකු” අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි. 

ලංකාවේ පොලිසියට, නරියෙකු- අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම්, හාවෙකු අල්ලා ඌ ලවා තමන් නරියෙක-ු බව ප්‍රකාශ කරවා ගැනීමේ හැකියාව ඇති බව පැවසූ ගම්මන්පිල, සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කොණ්ඩයා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ඊට අදාලව දිය හැකි හොදම උදාහරණය බව පවසයි. 

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඝාතනයට අදාලව කොණ්ඩයා නමැති අයෙකු ඉදිරිපත් කළේ ය. කොණ්ඩයාද, තමන් එම ඝාතනය කළ බව පිළිගෙන තිබුණි.  

නමුත් අධිකරණය හමුවේ හෙළි වූවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු, දැරිය ඝාතනයේ වගකීම භාර ගන්නා ලෙස බල කරමින් කළ වදදීම් හේතුවෙන් නොකළ වරදක් පිළිගැනීමට කොණ්ඩයා කටයුතු කර තිබුණු බවයි.

පාස්කු- ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරු අත්අඩංගුවට ගැනීමට යාමත් ඊට සමාන සිදු වීමක් බවයි උදය ගම්මන්පිල පවසන්නේ. 

කෙසේ වෙතත් තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ, මේ වන විට දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අසාද් මවුලානාගේ දිවුරුම් ප්‍රකාශයක් මත පදනම් වී, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට වන සැකය එල්ල වී තිබුණු බුද්ධි නිළධාරියෙකු ඉතාම නුදුරු දිනයක දී අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *