අප්‍රේල් මාසේ උෂ්ණත්වය මීටත් වඩා වේගයෙන් ඉහළට

අප්‍රේල් මස මුල් සති දෙක තුළ දැනට පවතින උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්ව තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක පැවසීය.

අප්‍රේල් මස මුලදී සූර්යා සමකයෙහි මුදුන් ගත වීම ඊට හේතුවන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව අප්‍රේල් මස මැද භාගයේදී ඇතිවන බක්මහ අකුණු සහ බක්මහ වැසි සමග පරිසරයේ අධික උෂ්ණත්ව තත්ත්වය පහව යනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මෙම මස 22න් පසුව සවස් යාමයේ හෝ රාත්‍රීය කාලයේ සුළු වැසි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති නමුත් එය සැලකිය යුතු තරමේ වර්ෂාපතනයක් නොවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ වුව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලුම් කරනු ලබන ජලය දිගට ම ලබාදෙන බවත්, තම දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම තවමත් අවම වී නැති බවත් මෙම නියං කාලගුණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *