ලංකාවට අප්‍රේල් පළමු සතියෙත් වැල නොකැඩී සංචාරකයෝ එයි – සතියට 40,000ක් එයි

2024 අප්‍රේල් මාසයේ පළමු දින 07 තුළ දී සංචාරකයින් 39,798ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අප්‍රේල් 07 වනදා දක්වා මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 675,582 ක්.

අප්‍රේල් පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 20% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 7,831 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 4,892ක්, රුසියාවෙන් 4,087ක් සහ ජර්මනියෙන් 2,712ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

WeeklyReport April 01 7 2 Iri News
WeeklyReport April 01 7 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *