අප්‍රේල් මාසයේ විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් මිලියන 646ක් එවයි

ගෙවුණු අප්‍රේල් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1 ක මුදල් ප්‍රමාණයක් දිවයිනට එවා ඇති බව මහබැංකුව වාර්තා කරයි. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ලැබී තිබුණු ඩොලර් මිලියන 543.8 ක ප්‍රේෂණ හා සසදා බැලීමේ දී එය සැලකිය යුතු වර්ධනයකි. 

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ අවසානය දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2460.5 කි. පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ ලැබී තිබුණ් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2079.9 හා සසදා බැලීමේ දී එය 18.3% ක වර්ධනයකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *