ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත බලන්න ජනතාවට අවස්ථාව හිමි වෙයි

දිවයිනේ ප්‍රථම වරට සිදුහත් උපත ඒ ආර් තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බැතිමතුන්ට උදා වී තිබේ

කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළ ගාලු මුව දුර ජනාධිපති කාර්යාලය අසල වටරවුමේදී මෙම නවමු අත්දැකීම විඳ ගැනීමට බැතිමතුන්ට අවස්ථාව උදාවී තිබේ

බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථාවක් වන සිදුහත් උපත ඒ එයාට තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමේදී එදා බෝසතුන් සිය ඉපදීමේදී ලබාදුන් ප්‍රතිඥාව පිළිබඳ මෙහිදී ජනතාවට මට මතක් කර දෙන ලද අතර පාසල් දරුවන්ට මේ සුවිශේෂි අත්දැකීමක් බවට පත්වී තිබිණි

කිව්ආර් කේතයක් සිය ජංගම දුරකථනයේ කැමරාව තුළින් ස්කෑන් කිරීමේදී ජංගම දුරකථන තිරය මත සිදුහත් උපත ත්‍රිමාන ආකාරයෙන් සජීවිකරණය වන ලෙස මෙය නිර්මාණය කර තිබේ

වෙසක් පොහොය උදාවූ ඉකුත් විසිතුන් වෙනිදා සිත ජනතා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම සුවිශේෂී අත්දැකීම මේ මස 29 වෙනිදා දක්වා ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලා අපේ ඇතුළතදී අත්විඳීමට හැකි බව සංවිධායකයෝ පවසති

image dbcff6a46c Iri News
image 0ebdaae25a Iri News
image cc28dc5dbe Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *