අර්ජුන කමලනාත් නැවතත් දේශපාලනයට

සිංහල සිනමාවේ ‘වැඩිහිටියන්ට පමණක්’ සීමාවූ ‘ආන්දෝලනාත්මක චිත්‍රපට කතා’ රැසකම දකින්නට ලැබුණු ‘අර්ජුන කමලනාත්’, අනතුරුව ‘දේශපාලන කරළියේ’ ද කැපී පෙනෙන චරිතයක් වුණා.

‘විජය කුමාරතුංග’ට බෙහෙවින් සමාන ‘රුවකට’ හිමිකම් කියූ ඔහු, විටින් විට සිනමාව ඇතුළතත් ‘ගැටුම් ඇතිකරගත්’ බැව් රහසක් නොවෙයි.

පසුගිය දිනෙක ඔහු ‘යූටියුබ් නාලිකාවක්’ හා සම්මුඛ වෙමින් සිය ‘දේශපාලන ගමනේ’ නවතම තතු විත්ති මෙසේ හෙළි පෙහෙළි කර තිබුණා.

‘අපි සිංහයෙක් ගෙනාවා. ගෙනල්ලා ඉතින්… සිංහයා බලු වුණා. එහෙම වෙන්න ගොඩක් හේතු ඇති. නමුත් අවසානයේ අපේ බලාපොරොත්තු සේරම නැතිවුණා. අපිට ඔිනි වුණේ අපේ රටක් හදාගන්නනේ. එදා අපි වැඩ කළා එතුමා එක්ක.. ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි අපි දැක්කා එතුමාගේ නීට් එක, ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ…හැබැයි ඒ නීට් එක නැතිවුණා ජනාධිපති වුණාට පස්සෙ.. තවත් ඒ වගේම ඉතින් නොගැළපෙන සෙට් එකක් බලේ අරන් ඉතින්.. දේශපාලනය කරන්න ඔිනි කියලත් හිතුවා, දැන් නම් කඳවුරක් තියනවා, ඒකත් එක්ක හිටන් ඉන්නවා!!’

‘තනියම රේස් එකක් යනකන් යන්න පුළුවන්. තව කණ්ඩායම් ඉස්සරහාට එද්දි යථාර්තය දකින්න පුළුවන් වෙයි. දැන් හදිසියේ අපි ආදරේ කරන පිරිසක් එතැනට එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලො මොකද්ද දැක්ක දර්ශනය කියලා මට හිතාගන්න බෑ. මොකද එන්පීපී දර්ශන කොයි තරමක් ගැළපෙනවද වර්තමානයට? මේ නායකයෝ දෙන උත්තර දැක්කමත් පිළිගන්න අමාරුයිනේ….හැබැයි දැන් නම් චූටි අඩුවීමක් තියනවා ඒගොල්ලන්ගේ. ඒ සමහරක් කලාකරුවෝ දැන් ස්ටේජ් එකෙත් නෑ…. මට හිනාත් ගියා සමහරු දැක්කම.. මේ ඔක්කොම රැල්ලට යන්නෙ… රැල්ල ළඟදිම ඉතින් හිටියට වඩා ඔලුව උස්සයි. හැබැයි රටේ බලය අල්ලන්න තරම්… මම හිතන් නෑ මිනිස්සු මැරිලා ඉපැදිලා කියලා. විජේවීර තමා විප්ලව වලට උසි ගැන්නුවේ.. 88 – 89… ප්‍රේමදාස මහත්තයා කීපාරක් එන්න කිව්වද සාකච්ඡාවලට… ආවේ නෑනේ.. අන්තිමට 60,000ක විතර ජීවිත නැතිවුණානේ…’

‘කාගෙවත් ගෙයක් ගිනිතියනවා කියන්නෙ අමු තිරිසන් වැඩක්. තාම තියෙන්නෙ ඒ මානසිකත්වයනේ. ඔයා හිතනවද ජයග්‍රහණය කළොත් මේ රට ලේ විලක් වෙන් නෑ කියලා? නායකයෝ හොඳ වෙන්න පුළුවන්. ඒ වුණාත් ගමේ ඉන්න කුහකම පවුල ජවිපෙනේ….’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *