වසර 25ක් හමුදා කඳ­වු­රක්ව තිබූ මඩ­ක­ල­පුව රාම­ක්‍රිෂ්ණ මිෂන් පාසලේ අධ්‍යන කටයුතු යළි ඇරඹෙයි

මඩ­ක­ල­පුව රාම­ක්‍රිෂ්ණ මිෂන් පාසල 1962.07.23 දිනැති ගැසට් නිවේ­ද­නය මගින් රජයේ පාස­ලක් බවට පත් කළ එකකි. 1978 වසරේ දී ඇති වූ සුළි කුණා­ටු­වෙන් හානි වීමෙන් පසු මේ පාසල වර්ත­මාන ස්ථානයේ පිහි­ටු­වන ලද අතර, එහි අධ්‍ය­යන කට­යුතු 1979 දී නැවත ආරම්භ කරන ලදි. 1990 වසරේ දී, පාසල් පරි­ශ්‍රය හමුදා කඳ­වු­රක් ලෙස භාවිත කිරී­මට පවරා ගැනී­මට සිදු විය. ඒ වන විට පාසලේ 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පව­ත්වන ලද අතර, ආසන්න වශ­යෙන් සිසුහු 800 ක් පමණ අධ්‍යා­ප­නය ලැබූහ.

හමු­දා­වට පව­රා­ගැ­නී­මෙන් අන­තු­රුව පාසල තාව­කා­ලි­කව වන්දා­රු­මූ­ලයි මධ්‍ය මහා විද්‍යාල, දේව­පු­රම් ගජ­මු­ගන් විද්‍යාල සහ පෞද්ග­ලික ඉඩම් කිහි­ප­යක ක්‍රියා­ත්මක විය. පසුව, ප්‍රදේ­ශයේ ජන­තා­වගේ සහ­යෝ­ගය සහ සහ­භා­ගි­ත්වය ඇතිව, මුර­ක්කො­ට්ට­න්සේ­නයි ප්‍රධාන මාර්ගයේ ජලා­ශය අසල අක්ක­ර­යක පමණ ඉඩ­මක පාසල නැවත ස්ථාපිත කෙරිණි. වර්ත­මා­නයේ, පාසල ගංව­තුර ආප­දා­වට ලක්වීම හා අධ්‍ය­යන කට­යුතු සඳහා ඉඩ­කඩ මදි­වීම හේතු­වෙන් ඉගැ­න්වීම් කාර්ය­යන් දැඩි දුෂ්ක­ර­තා­වට ලක් විය.

ඒ අනුව, හමු­දාව විසින් අත්පත් කර­ගෙන සිටි පාසල් පරි­ශ්‍රය, අධ්‍යා­පන කට­යුතු සඳහා 2025.09.30 වැනි දින නිල වශ­යෙන් නිද­හස් කෙරිණි. මේ ඉඩමේ මුළු වර්ග ප්‍රමා­ණය අක්කර 02කි. නිද­හස් කරන ලද පරි­ශ්‍රය අඩි 100 x 20 ප්‍රමා­ණයේ ගොඩ­නැ­ඟිලි දෙක­කින්, අඩි 110 x 20 ප්‍රමා­ණයේ ගොඩ­නැ­ඟි­ල්ල­කින් සහ අඩි 40 x 20 ප්‍රමා­ණයේ ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්වි­තය.

ඒ අනුව, ප්‍රාථ­මික අංශයේ පිරිමි ළම­යින් 112ක් සහ ගැහැනු ළම­යින් 84කගෙන් සම­න්විත සිසුන් 196 දෙනෙකු ඔවුන්ගේ ගුරු­ව­රුන් සමඟ 2026.02.10 වැනි දින මාරු­කි­රී­මෙන් පසු අධ්‍ය­යන කට­යුතු ආරම්භ විය.

පාසලේ 2025 නඩත්තු වැඩ­ස­ට­හන යටතේ පානීය ජල පහ­සු­කම් ඇතුළු පහ­සු­කම් සැප­යීම සඳහා රුපි­යල් මිලි­යන දෙකක මුද­ලක් වෙන් කර ඇත. මවු­පි­යන්ගේ දාය­ක­ත්ව­යෙන් පන්ති කාමර හතක් නැවත පින්තාරු කර තිබේ. ඊට අම­ත­රව, ප්‍රජා සහාය ඇතිව පාසලේ එක් පැත්තක මීටර් 140 ක මායිම් වැටක් ද ඉදි­ක­රන ලදී.

මේ පරි­ශ්‍රයේ පාසල නැවත ස්ථාප­නය කර අධ්‍යා­පන කාර්ය­යන් ආරම්භ කිරීමේ අව­ස්ථා­වට නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර, විදු­හ­ල්පති තව­නේ­ෂ්ව­රන් යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *