චීනය ලංකාවේ හමුදා කදවුරු ඉදි කරන්න යයි – ඇමරිකානු බුද්ධි අංශ හෙළි කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදෙන බව ඇමෙරිකානු නවතම බුද්ධි වාර්තාවක සඳහන් වෙයි.

අප්‍රිකාවේ ජිබුටි රාජ්‍යයේ සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් මියන්මාරය, කියුබාව, ගිනියාව, පකිස්ථානය, සීෂෙල්ස් යන රටවල ද හමුදා කඳවුරු පිහිටුවීමේ හැකියාව චීනය නිරීක්ෂණය කරමින් සිටින බව මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

චීනය, ඉරානය සහ රුසියාව වත්මන් ජාත්‍යන්තර නීති පද්ධතියට අභියෝග කිරීමට සූදානම් වන බව එම වාර්තාවේ සඳහන් වෙයි.

ඇමෙරිකානු ආරක්ෂක බුද්ධි ප්‍රජාව විසින් නිකුත් කරන 2024 වාර්ෂික තර්ජන තක්සේරුව වාර්තාවේ මේ කරුණු සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *