පොලිස් සැරයන් පාතාල නායක ආමි සම්පත්ගේ වාහනයේ ගමන් බිමන් යයි

පාතාල නායක ‘ආමි සම්පත්’ සමග සබඳතා පැවැත්වූ බව කියන ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිට කැලණිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ පොලිසියකට මාරුකර යැවූ සැරයන්වරයා ආමි සම්පත්ට අයත් වාහනයකින් ගමන් බිමන් ගොස් ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

කෑගල්ල අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ පාතාල සාමාජිකයකු හෙළිකළ තොරතුරු අනුව මෙම සැරයන්වරයා ආමි සම්පත්ගේ වාහනය පාවිච්චි කළ බව අනාවරණය වී තිබේ.

ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර ගැනීම සඳහා විවිධ ප්‍රයත්න දැරූ මෙම සැරයන්වරයා පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි මුල් සතිය වන තෙක්ම රාජකාරියට වාර්තා කර නැත.පොලිස් සැරයන් පාතාල නායක ආමි සම්පත්ගේ වාහනයේ ගමන් බිමන් ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *