අරක්කු බාර් සහ මස් කඩ එකදිගට දවස් 03ක් වසා දමයි

වෙසක් සතිය හෙටින් (21දා) ආරම්භ වේ.

රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 සිට 27 දා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

‘අත්තනො ව අවෙක්ඛ්‍යෙය කතානි අකතානි ච’ (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර

ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 22, 23 හා 24 යන දිනයන්හි සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වසා දැමේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *