වැට් බද්දෙන් අරක්කු මිල තවත් රුපියල් 150කින් ඉහළට

එළඹෙන ජනවාරි පළමුවැනි දා සිට එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද සියයට දහ අටකින් වැඩිවීම නිසා මත්පැන් බෝතලයක මිල රුපියල් 90ත් 150ත් අතර මුදලකින් වැඩි වන බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා.

එම සමාගම් වැඩිදුරටත් පවසන්නේ එතනෝල්, හිස් මත්පැන් බෝතල්, මත්පැන් ලේබල, මූඩිය සහ නිෂ්පාදන කරන ලද මත්පැන් සහිත බෝතලයට වැට් බදු එකතු වීම නිසා බවයි.

ඒ අනුව දැනට රුපියල් 3260ක් විකුණුම් මිලක් සහිත අතිවිශේෂ වර්ගයේ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් අනූවකින් ඉහළ යා හැකි අතර එය නව මිල රුපියල් 3350ක් වනු ඇති.

මේ වසර තුළ අවස්ථා දෙකක දී සුරාබදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් මත්පැන්වල මිල ඉහළ දමා තිබීම ද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *