මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් කෝටි 02ක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ මේ වනවිට පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේ දී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 48ක් සන්තකයේ තබාගෙන සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට තිබුණි.

එම සැකකරු වයස අවුරුදු‍ 23ක් වන පල්ලියවත්ත, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

එම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීමෙන් අනාවරණය කරගත් තොරතුරු මත වත්තල පොලිස් වසමේ ටෝනි මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 797ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු‍ 28ක් වන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *