මාධ්‍යවේදීයෙකු ලෙස වෙස්වලාගෙන හරක්කාටව ඝාතනය කරන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි

පාතාල නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මාධ්‍යවේදියෙකු ලෙස වෙස් වලාගෙන ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනා ලැබූ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සේවකයෙකු රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් හරක් කටාට වෙඩි තැබීමට සැලසුම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සමඟ රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *