ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි

පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) සතිෂ් ගමගේ මහතා අද (අගෝස්තු 14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් සිදුවීම් කිහිපයක් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරියේ නියුතුව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *