හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක් කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඩී. පී.ජී. සඳරේඛා මෙනවිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කන්තලේ පෙදෙසේ විහාරස්ථානයක විහාරාධිපති හිමි (40) නමකි.
කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාතියගම පෙදෙසේ සිදුකළ හදිසි මෙහෙයුමකදී හෙරෝයින් කැබලි 02ක් සමග අත්අඩංගුවට ගත් තරුණයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමා විහාරාධිපති හිමියන් සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලිසියට පවසා ඇත.
ඒ අනුව පොලිසිය විසින් විහාරස්ථානයේ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරෝයින් ප්‍රමාණය සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.
ඒ අනුව හිමි නම පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අනුව සැකකාර හිමිනම පෙරේදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම හිමිනම 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී ද හෙරෝයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මහින්ද සේනාරත්න කන්තලේ