කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන කළුතර නාගරික මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම පසුගිය 26 වැනිදා සිදුව ඇති අතර, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.