අරු­ව­ක්කාලුවේ ඉල්ම­න­යිට් ජාවාරමට හිටපු ඇමති චාමර සම්පත්ගේ සෘජු සහාය ලැබී ඇති බව හෙළි වෙයි

අරු­ව­ක්කාඩු ඉල්ම­න­යිට් සේදිමේ ස්ථානය කිසිම බයක් නැතිව නීත්‍ය­නු­කූල අව­ස­ර­යක් පවා නොමැති වට­පි­ටා­වක පව­ත්වා­ගෙන ගොස් ඇත්තේ හිටපු චාමර සම්පත් දස­නා­යක ඇමැ­ති­ව­ර­යාගේ ඝෘජු මැදි­හ­ත්වී­මෙන් බවට තහ­වුරු වී ඇති බව කර්මාන්ත හා ව්‍යව­සා­යක ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා අදාළ භුමියේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වෙ­මින් ඊයේ (12) පැව­සීය.

විල්ප­ත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පුරා විද්‍යා අධි සංවේදී පරි­සර කලා­ප­යක පිහිටා ඇති මේ ඉල්ම­න­යිට් සේදීමේ ස්ථානය කිසිම බයක් නැතිව මේ තරම් හානි­දා­යක ලෙස පව­ත්ව­ගෙන යාම සිදුව ඇත්තේ අදාළ දේශ­පා­ල­න­ඥ­යන් විසින් තම හිතු­ම­ත­යට මේ ආකා­ර­යට කට­යුතු කිරීම හේතු­වෙන් බවත් ඒ නිසාම රාජ්‍ය නිල­ධා­රීන්ට පවා මෙවැනි ව්‍යාපෘති පිළි­බ­ඳව තීරණ ගැනී­මට පවා වාතා­ව­ර­ණ­යක් නොතිබී ඇති බවත් ඔහු පැව­සීය.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

“අපි මේ ස්ථාන­යට සම්බන්ධ වන්නේ කර්මාන්ත අමා­ත්‍යාං­ශය යටතේ තිබෙන සිමෙන්ති සංස්ථා­වට අයිති භුමි­යක් වීම හේතු­වෙන්. දැනට සිමෙන්ති නිෂ්පා­ද­නය කරන ඉන්සි සිමෙන්ති සමා­ගම සිමෙන්ති නිෂ්පා­ද­න­යට හුනු­ගල් ලබා ගැනී­මට පෙර තිබෙන පස් තට්ටුවේ තමා මේ ඉල්ම­න­යිට් සාන්ද්‍ර­ණය යොදා ගනි­මින් මේ ස්ථානයේ ඉල්ම­න­යිට් සේදී­මට කට­යුතු කර තිබෙන්නේ.

මේ ඉල්ම­න­යිට් සැක­සීමේ කර්මා­න්ත­යට සිමෙන්ති සංස්ථා­වෙන් ඉඩම් ලබා ගැනී­මේදි කැබි­නට් අනු­මැ­ති­යක් අර­ගෙන නැහැ. නීති­ප­ති­ගෙන් අනු­මත කර­ගෙන නැහැ. තනි කැමැ­ත්තට ඩොලර් පනස් දාහක් ලබා­දී­මෙන් නියමු ව්‍යාපෘ­ති­යක් විදි­හ­ටයි කරන්නේ. නියමු ව්‍යාපෘ­ති­යක් අවු­රුදු 30ක කාල­යට කරන්න පුළු­ව­න්ක­මක් නැහැ. අපි මේ ස්ථාන­යට පැමිණ නිරී­ක්ෂ­ණය කිරී­මෙන් පසු අපි අනා­ව­ර­ණය කර ගත්තා මධ්‍යම පරි­සර අධි­කා­රිය, භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාං­ශය, පුරා විද්‍යා අංශ­වල අව­ස­ර­යක් නැතිව මේ පරි­ස­රය සකස් කර තිබෙන බවට. තමන්ට මේ සඳහා අනු­මැ­තිය ලැබෙ­න­වා­යැයි කියන පූර්ව නිග­ම­න­යක සිටයි හිතු­ම­තේට කට­යුතු කර තිබෙන්නේ.

ඒ නිසා මේ කට­යුත්ත පිටු­පස චාමර සම්පත් ඇමැ­ති­ව­රයා හිටියා කියන එක තහ­වුරු වී තිබෙ­නවා. ඒ ඇමැ­ති­ව­ර­යාගේ බලය යොදා ගනි­මින් මේ ආය­ත­නය කට­යුතු කර ඇති බවට තහ­වුරු වී තිබෙ­නවා.

මෙය විල්ප­ත්තුව ජාතික වන උද්‍යා­නය ආස­න්නයේ තිබෙන නිසා එය ආරක්ෂා වන ලෙස කට­යුතු කර නැහැ. එය බර­ප­තළ දෙයක්. ඒ නිසා මේ ඉල්ම­න­යිට් නිසි නීත්‍ය­නු­කූල රාමු­වෙන් ලබා ගැනී­මට හැකි නම් සියලු පාරි­ස­රික සාධ­ක­ව­ලට නීත්‍ය­නු­කූල ලෙස අව­නත වෙමින් එය කරන්න අපි මැදි­හත් වෙනවා යැයිද පැව­සීය.

මොකද ලෝකය මේ වන විට ප්‍රාග්ධන උපයා ගන්නේ විවිධ ඛනි­ජ­ව­ලින්. ඒ නිසා මේ සම්පත නිසි ලෙස කිරීමේ හැකි­යාව පව­ති­නවා ද යන්න අපි සොයා බල­මින් පව­ති­නවා. ඒ පිළි­බ­ඳව අපි ඉදි­රි­යේදී නිසි අධ්‍ය­ය­න­යක යොමු වෙන්න කට­යුතු කර­මින් සිටි­නවා. අනෙක් කරුණ තමා රට­පුරා ඛනිජ සම්පත් කුමන ලෙස­කින් ද භාවිත කරන්නේ. එය කුමන ලෙස­කින් ද රට­කට ගැළ­පෙන්නේ කියා ජාතික ප්‍රති­ප­ත්ති­යක් සකසා එම ප්‍රති­ප­ත්තිය අනුව කට­යුතු කරන්න අපි සුදා­නම් වෙමින් සිටි­යදී තමා මේ කට­යුත්ත දැන ගත්තේ. පසු­ගිය කාලයේ සිදුවු දේශ­පා­ලන ඇඟිලි ගැසීම් හේතු­වෙන් මෙවැනි පරි­සර පද්ධති වනසා දමන්න අපි ඉදි­රි­යේදී ඉඩ ලබා දෙන්නේ නැහැ. එය එක්කෙ­න­කුට දෙන්න­කුට වුව­මනා ලෙස කට­යුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ වැට­ලීම් කළ වලාන පොලිස් කණ්ඩා­ය­මට මෙය හෙළි­කළ මාධ්‍ය­යට අපි ස්තුති කර­නවා යැයිද පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *