පිල්ලෙයාන්ට එරෙහිව සාක්ෂි ලබා දීම සදහා ඉතාම නුදුරු දිනයක දී අසාද් මවුලානා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඇමති බිමල් රත්නායක මේ බව අනාවරණය කළේ ය.
අසාද් මවුලානා සමඟ සබදතා ගොඩ නගා ගනිමින්, ඔහු දිවයිනට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය සියළු කටයුතු රජය විසින් සිදුකර තිබෙන බව අමාත්‍යවරයා පැවසී ය.
එසේ තිබිය දී, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල වී නැති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව සජබය විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කර තිබීම අමාත්‍යවරයා දැඩිව හෙලා දුටුවේ ය.