හෙට රැළිය නාමල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් කරන එකක් කියලා තමයි පේන්නේ – ආශු මාරසිංහ

නොවැම්බර් 21 වැනිදා (හෙට) පැවැත්වෙන රැළිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සුබ පැතුම් එක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා.

එම රැළිය ඔහුගේ දේශපාලන අනාගතය වෙනුවෙන් පවත්වන රැළියක් බවට පෙනෙන්නට ඇති බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ හේතුවෙන්, සමහර පක්ෂ නායකයින් එම රැළියට සහභාගි නොවන බවද, එක්සත් ජාතික පක්ෂයද එයට මුක්කු ගසනු ඇතැයි තමා බලාපොරොත්තු නොවන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

comment loading image මහජන ප්‍රතිචාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *