අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි යන අය, පොලිස්පතිගේ නියෝගය මත, පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට භාර දී ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක වන්නේ රොහාන් ඔලුගල මහතා ය.
ඒ අනුව, සම්පත් මනම්පේරිට එරෙහි පරීක්ෂණ ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් සිදු කරන බව පැවසේ.