ලෝක විවාහක රූ රැජන තරගයේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නිලුපුලී කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා.
ඇය පර්ත් හි පැවැති Mrs Australia World 2023 තරගයේ ජය හිමි කර ගත්තා.
ඒ අනුව ජාත්‍යන්තර තරගයට සුදුසුකම් ලබා සිටින ඇය ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සහිත ව්‍යවසායිකාවක්.
සිව් හැවිරිදි නිවුන් දරුවන්ගේ මවක වන ඇය හිටපු බැංකු නිලධාරිනියක් සේම වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ MBA උපාධිධාරිනියක්ද වනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක්ද වන ඇය ඔස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවා සඳහා කාර්යක්ෂමව දායක වන්නේ Gidget Foundation හරහා.