උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් සංඛ්‍යාව කපා හැරීම කෙරෙහි පාලක ලේබර් පක්ෂ රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව නිකුත් කරන ශිෂ්‍ය වීසා බලපත් සංඛ්‍යාව සඳහා උපරිම අගයක් පණවා සීමාවක් පැණවීමටත් – ජාත්‍යන්තර සිසුන්ගෙන් නව බද්දක් අය කිරීමටත් නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශිෂ්‍ය වීසා බලපත් හිමියන් සංඛ්‍යාව සියයට 31 කින් ඉහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.
දැනට මෙරට තුළ සිටින ශිෂ්‍ය වීසා බලපත් හිමියන් සංඛ්‍යාව 725,000 කට අධික වන අතර නිවාස හා කුළී ගාස්තු අර්බුදයට ප්‍රධානම හේතුව එය බවටත් චෝදනා එල්ල වනවා.
කෙසේවෙතත් රජයේ ඇස්තමේන්තු අනුව මෙම වසර තුළදී සමස්ත සංක්‍රමණ වැඩසටහන යටතේම ගෙන්වා ගැනීමට නියමිතව පැවතියේත් සංක්‍රමණිකයන් 520,000 ක පිරිසක් පමණයි.
පාර්ශව රැසක් පෙන්වා දී ඇත්තේ අසීමිත ලෙස ශිෂ්‍ය වීසා බලපත් නිකුත් කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ අර්බුදය දිනෙන් දින උග්‍ර වන අතර නිසි පියවරක් නොගතහොත් තවත් වසර කිහිපයකින් දරුණු තත්වයක් බවට පත්විය හැකි බවයි,
ශිෂ්‍ය වීසා ක්‍රමය දැඩි කිරීමට අදාළ සියලු යෝජනා ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.