හෙට අනිද්දාම බුදුවන අවලෝකිත්ශ්වර තම දරුවා දුෂණය කර ගෙදරින් ගිහින් – එය අභිනිෂ්ක්‍රමණයලු

අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයකු බුදු දහමට අපහාස වන ලෙස හැසිරෙන්නේ යැයි රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසමින් බුද්ධගම අවභාවිතා කරන බව පැමිණිලිකරුවන් කියා සිටිති.

ඔහු තම අනුගාමිකයන්ගෙන් වැඳුම් පිදුම් ලබන අතර මෙහෙණින් වහන්සේ කෙනෙක් ද ඔහුට වඳින අයුරු සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නයි අපරාධ පරීක්ෂණයෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර ඇත.

නුදුරු දිනකදීම තමන් බුදුවන බව පවසන මෙම පුද්ගලයා තමන්ගේම දරුවා අපයෝජනයට ලක්කර විවාහය අතහැර ගොස් ඇති බවත් එය අභිනිෂ්ක්‍රමණය ලෙස ඔහු හඳුන්වමින් සිටින බවත් ශාක්‍ය පුත්‍ර සංවිධානයේ සභාපති පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ  කියා  සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *