අවලෝකිතේශ්වරගේ මොළය පරීක්ෂා කිරීම අද – රිමාන්ඩ් කළ දා සිට බලන්න කිසිම අමුත්තෙක් පැමිණ නෑ

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අවලෝකිතේශ්වර යැයි කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා අද (19) අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සඳහා ඊයේ (18) ඔහුව මැගසින් බන්ධනාගාර පාලනාධිකාරිය විසින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබිණි. මෙම බන්ධනාගාරයේ නවක රැඳවූවන් රඳවා සිටින ‘එන්’ වාට්ටුවේ සැකකරු රඳවා සිටි අතර ඔහු සිරගත වූ දිනයේ සිටම හමුවීමට කිසිදු අමුත්තකු බන්ධනාගාරයට පැමිණ නැති බව මැගසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ‘දිනමිණට’ කීය. මෙම සැකකරු බන්ධනාගාරයෙන් ලබා දෙන ආහාර ද ගෙන රැඳවූවන් සමඟ සාමාන්‍ය පරිදි කල් ගෙවන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මහින්ද කොඩිතුවක්කු රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කළ නියෝග මත අදාළ සැකකරු අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනය හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *