අවලෝකීතේෂ්වරට මානසික රෝගයක් ඇති බව තහවුරු වෙයි


අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ ඔහුට එරෙරිව ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

කොටුව මහේස්ත්‍රාත් කෝසළ සේනාදීර මෙහිදී සඳහන් කළේ අදාළ විත්තිකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික වෛද්‍ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා ඇති බවයි.

එම වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *