පෝය දවසෙ අවුකන පිළිමෙට චීවරයක් අන්දලා – බුකිය කැළඹෙයි

අනුරාධපුර ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේට කිසියම් පිරිසක් විසින් සිවුරක් අන්දා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව වත්තල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් විසින් මෙම සිවුර ඇන්දවීම සිදුකර ඇති තිබෙනවා.

වස්කාලය නිමා කිරීම ඊයේ දිනට යෙදුණු ඉල් පොහොය නිමිති කරගෙන සිදුකෙරෙන බැවින් එම පිරිස මෙම ක්‍රියාව කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාවට භික්ෂූන්වහන්සේලා පිරිසක්ද සහය දක්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

සිවුර ඇන්දවීමෙන් අනතුරුව අවුකන පිළිමවහන්සේගේ දෙපා අභියස පාවහන් යුගලයක්ද තබා ඇති අයුරු දකන්නට ලැබෙනවා.

සිවුරු අන්දන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවෙමින් පවතින අතර එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

image 15 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *