රවී කරුණානායක මගේ ඉඩමක් වංචා කරලා අත්පත් කරගෙන – අසාද් සාලි CID යයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

තමන්ට අයත් ඉඩමන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් වංචා සහගත ලෙස අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එවක අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ සමයේ, රුපියල් මිලියන 150ක් වටිනා තමන්ගේ ඉඩමක් රුපියල් මිලියන 15ක් ලබාදී වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *