මුළු රටම දැවැන්ත වර්ෂාවක් ඉදිරියේ – බදුල්ලේ නායයෑම්වලින් 04ක් මිය යයි – 09ක් අතුරුදහන් වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *