යුක්තියෙන් අත්අඩංගුවට ගත් කුඩු රොෂාන්ට ඇප දෙයි

වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ”කුඩු රොෂාන්” නැමැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙම නියෝගය ලබාදුන්නේය.

එහිදී අධිකරණය විසින්  ”කුඩු රොෂාන්” නැමැත්තාට මුදලින් රුපියල් කෝටි 3ක ඇපයක් සහ අනෙක් සැකකරුට මුදලින් රුපියල් ලක්ෂ 50ක ඇපයක් ද නියම කර තිබේ.

එසේම ”කුඩු රොෂාන්” නැමැත්තාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 7ක් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර ඇත.

ඇප ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇඟිලි සළකුණු ලබාදෙන ලෙසටද සැකකරුවන්ට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු රොෂාන් නැමැත්තා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *