රජය පවත්වාගෙන යාමට රුපියල් හෝ ඩොලර් නෑ – හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අනතුරු අගවයි

ශ්‍රී ලංකාව මේ වන විට දේශීය මූල්‍ය ද්‍රවශීලතාව (රුපියල්) මෙන්ම විදේශීය ගෙවීම් සඳහා අවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) හිඟයකට ද මුහුණ දී සිටින බැවින්, රාජ්‍ය තන්ත්‍රය පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රටේ ආර්ථිකය කෙතරම් බිඳෙනසුලු මට්ටමකට පත්ව ඇත්ද යත්, ගංවතුර, නායයාම් වැනි දේශීය ආපදාවකට හෝ විදේශීය යුද ගැටුම් වැනි බාහිර කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට මේ මොහොතේ නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *