ලංගම බස් රථ­ව­ල­ටත් බැංකු කාඩ්ව­ලින් ගෙවීමේ ක්‍රමය මාස 03ක් ඇතුළත එයි

මාස දෙකක්, තුනක් ඇතු­ළත ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට අයත් බස් රථ­ව­ලට ද බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කට­යුතු කරන බව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පැව­සීය.

මහ­නු­වර, බෝග­ම්බර බන්ධ­නා­ගාර පරි­ශ්‍රයේ විශේෂ ක්‍ෂේත්‍ර පරී­ක්‍ෂා­ව­කට සහ­භා­ගිවූ අව­ස්ථා­වේදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ඒ මහතා පසු­ගිය (30) දින මෙම අද­හස් පළ කළේය.

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට අයත් බස් රථ විශාල ප්‍රමා­ණ­යක් තිබෙන බැවින් මගී ජන­තා­වට එයින් විශාල පහ­සු­වක් ලැබෙන බවත් අමා­ත්‍ය­ව­රයා මෙහිදී සඳ­හන් කළේය. 2026 වර්ෂයේ ජුනි මාසය වන විට බැංකු කාඩ්පත් මඟින් බස් රථ සඳහා මුදල් ගෙවීමේ ක්‍රමය තව­දු­ර­ටත් ව්‍යාප්ත කිරී­මට හැකි බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ජන­තාව තෘප්ති­මත් වන ප්‍රවා­හන සේව­යක් ලබා­දීම සඳහා වසර දෙකක පමණ කාල­යක් ගත වන බවත්, කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ කට­යුතු වසර පහ­ළො­ව­කට පමණ පෙර ආරම්භ කිරී­මට තිබූ කාර්ය­යක්, නමුත් දැන් එම කාර්ය ආරම්භ කර තිබෙන බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

මගී ජන­තාව වෙත ඉතිරි මුදල් ගෙවීමේ ගැටලු, කාලය ඉතිරි වීම ආදි පහ­සු­කම් මේ ක්‍රම­යෙන් සලසා දීම අර­මු­ණයි. මේ වන විට අධි­වේගි මාර්ගයේ බස් රථ අනූ හය­කට පමණ බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිත කර­මින් සිටින බවත් අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය.

රට තුළ මගී ප්‍රවා­හන සේවයේ හොඳ තත්ත්ව­යක් නොමැති බවත්, පොදු ජන­තා­වට ගැළ­පෙන හොඳ ප්‍රවා­හන සේව­යක් ලබා­දී­මට සෑම පිය­ව­රක්ම ගනි­මින් සිටින බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය. ඒ සඳහා මේ වන විට කෙටි කාලී­නව ලබා­දිය හැකි විස­ඳුම් ලබා­දී­මට පිය­වර ගෙන තිබෙන බවත් ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමාත්‍ය බිමල් රත්නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.

ප්‍රවා­හන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා ඇතුළු නිල­ධා­රීහු පිරිස් මෙම අව­ස්ථා­වට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *