මෙරට බැංකු ණය පොලී අනුපාත තවදුරටත් වේගයෙන් පහළ යයි

පසුගිය සතිය වන විට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව පසුගිය සතියේ දී එම අගය 9.65% ක් දක්වා පහළ ගොස් තිබෙන අතර ඊට පූර්ව සතියේ දී එම අගය දැක්වුණේ 9.92% ක් ලෙසිනි.

මෙය 2022 මාර්තු 25 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික අගය වේ.

මෙම වාතාවරණය හමුවේ දේශීය වානිජ බැංකු තුනක හැර සෙසු සෑම දේශීය වානිජ බැංකුවකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික ඊට පෙර සතියට සාපේක්ෂව පහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

WEI 17 05 2024 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *