නාමල්ගේ රැලිය දවසේ බැසිල් රාජපක්ෂගේ බ්‍රවුන්ස්හිල් නඩුවත් නොවැම්බර් 21 කැදවයි

නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ පන්සියයකට ආසන්න මුදලක් වැය කර මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර 1.5 ක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුවකට අදාලව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පසුගිය මැයි 23 වන දා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි.

ඒ අධිකරණය විසින් නිකුත් කර තිබුණු නිවේදනයකට අනුවයි.

කෙසේ වෙතත් එදින ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුගේ නීතීඥයා වන අනිල් සිල්වා පවසා සිටියේ, සිය සේවාදායකයා වන බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ පිහිටි ඔහුගේ නිවසේ දී පුටුවකින් වැටී අනත-ුරකට ලක්ව සිටින බවයි.

මාස හයක කාලයකට දීර්ඝ සංචාර නවතන ලෙස, ඇමරිකානු වෛද්‍යවරු සිය සේවාදායකයාට නිර්දේශ කර ඇති බවද බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව, අදාල නඩුව නොවැම්බර් මාසයේ 21 වන දා යළි කැදවීමට නියමිත ය.

දෛවයේ සරදමකට මෙන් එම දිනය වැටී ඇත්තේ, විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩ රැළියක් පැවැත්වීමට නියමිත දිනයටම ය.

කෙසේ වෙතත්, එදින අධිකරණය හමුවේ පෙනී සිටීම සදහා බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බව මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් තහවුරු කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *