බැසිල් රාජපක්ෂ පොහොට්ටුව අත්හරියි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පාර්ලිමේන්තු මන්තී ඩීවී චානක මහතා පවසයි.

ඒ අනුව පොදු ජනපෙරමුණේ සංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පැවසුවේය.

එය අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදීද පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතා සංඝ සම්බන්ධ නොවනු ඇති බවත් ඔහු කියා සිටියි.

හිරු රූපවාහිනී පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් එරට රැඳී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *